(+94) 552258495
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dehigolla M.V.
Dehigolla M.V.
  • Register
  • Login
Dehigolla M.V.
Dehigolla M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • ගුරු මණ්ඩලය
      • අනධ්‍යන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • නියමිත වේලාවට පැමිණීම අඩුම තර්මින් පාසල ඇරඹීමට විනාඩි 30 කට පෙර පාසලට පැමිණිය යුතුය.
  • නියමිත නිල ඇඳුමෙන් සම්පූර්ණව පසලට පැමිණීය යුතුය.
  • විශේෂයෙන් ගුරුවරු කෙරෙහි ආචාරශීලී විය යුතුය.
  • පාසල් කාලය තුල ඉතාම ආචාරශීලිව කටයුතු කළ යුතුය.
  • අධ්‍යාපණ කටයුතුවලින් පරිබාහිරව වෙනත් කිසිම කරුණක් සම්බන්ධයෙන් ගුරු භවතුන් සමඟ හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟ අනවශ්‍ය වාද විවාද, තර්ක කිරීම් ආදියෙන් වැළකී සිටිය යුතුය.
  • කිසිම අවස්ථාවක විදුහල්පතිගෙන් අවසරයක් නොමැතිව පන්ති කාමරයෙන් පිට නොසිටිය යුතුය.
  • විවේක වේලාවේදී අනවශ්‍ය ලෙස හෝ අශෝභන ලෙස රංචු ගැසී නොසිටිය යුතුය.
  • ගුරුවරුන් පන්තියට පැමිණීමේදී හා පන්තියෙන් පිටවීමේදී හෝ මුණ ගැසීමට යාමේදී නිසි ලෙස ආචාරශීලී විය යුතුය.
  • තමා අධ්‍යාපනය නොලබන වෙනත් ගුරුභවතුන් පන්තියට පැමිණීමේදී හෝ මුණ ගැසීමට යාමේදී නිසි ලෙස ආචාරශීලී විය යුතුය.
  • පාසල් විනය ආරක්ෂා වන පරිදි කටයුතු කර යුතුය.
  • තමන්ගේ හැසිරීම්, කතාබහ කිරීම්, අදගහස් ප්‍රකාශනය, ඉරියව් මඟින් පාසල් විනය නීති රීතිවලට පටහැනි වීමක් වුවහොත් එකී වරදට නියමිත දඬුවමට යටත් විය යුතුය.
  • නවජහක වදය දීම වැනි දෑ කෙරෙහි වෙනත් සිසුන් පෙළඹවීම, ආධාර අනුබල දීම ආදියෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
  • අනවශ්‍ය පරිදි ඝෝෂා කිරීම, සින්දු කීම්,විසිල් ගැසීම් ආදිය පාසල් කාලය තුල පාසල් භූමිය ඇතුළත නොකල යුතු අතර  අන්‍යන් එවැනි දේකට නොපෙළඹවිය යුතුය.
  • පාසලේ වෙනත් කිසිම ශිෂ්‍ය/ශිෂ්‍යාවකට සිත්තැවුල් හෝ අපහාස කිරීමක් , අසභ්‍ය ලෙස කතා කිරීමක් හෝ ශාරීරික වදහිංසාවන් ආදිය සම්පූර්ණයෙන් තහනම්.
  • තමන් කිසිසේත් අදාල නොවන විද්‍යාලයේ පරිපාලන කටයුතු විවේචනය කිරීම හෝ එසේ කිරීමට වෙනත්  ශිෂ්‍යන් පෙළඹවීම හෝ පරිපාලන කටයුතු අවුල් වන පරිදි  කිසිම කටයුත්තක නොයෙදිය යුතුය.
  • තමන්ගේ භාහිර හිත මිතුරන් හෝ නෑදෑයන් විදුහල්පතිගේ අවසරෙයෙන් තොරව පාසල් භූමියට කැඳවා නොගත යුතුය.
  • විවේක කාලයෙන් පිටස්තර වෙලාවන්හිදී ආපනශාලාවට පැමිණීම, අනවශ්‍ය ලෙස රඳී සිටීම නොකල යුතුය.
  • පාසල් කාලය තුලදී මෙන්ම පාසලෙන් බැහැරව යන සියලු අවස්තාවන්හිදී  පාසල් ගෞරවයට හානිවන කිසිම කාර්‍යයක නොයෙදිය යුතුය.
  • අනවශ්‍ය පරිදි හෝ අශෝභන ලෙස විදුහලේ භාහිර ස්ථානවල දී රංචු ගැසී සිටීම හෝ අනවශ්‍ය ලෙස ඝෝෂා කිරීම හා වැඩිහිටි ශිෂ්‍යන් සමඟ අශෝභන ලෙස කතාබස් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
  • පාසැල් විදුහල්පතිතුමාගේ ලිඛිත අවසරයකින් තොරව පාසලෙන් භාහිර කිසිම සමිතියකට, ක්‍රීඩා සමාජයකට, පක්සෂ සංවිදානයක සාමාජිකත්වය දැරීම ආදීන් සම්පූර්නයෙන්ම තහනම්ය.
  • යම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවකගේ චර්‍යාව හැසිරීම අසෝභන කතා විලාසය හෝ වෙනත් අයහපත් ඉරියව් ක්‍රියාකාරකම් විනය මණ්ඩලයේ පැවැත්වෙන විනය පරීක්ෂනයක් සඳහා අනිවාර්‍යයෙන් ඉදිරිපත්විය යුතුය. අවශ්‍යවුවහොත් දෙමාපියන් ඉදිරිපත් කල යුතුය. පරීක්ෂණයකින් වරදකරුවකු බවට ඔප්පුවුවහොත් නියමිත හා විනය මණ්ඩල තීරනයකට යටත් විය යුතු අතර එමඟින් පමුණූවන දඬුවමකට යටත් විය යුතුය.
  • සාමාන්‍යයෙන් පලමු වැරදි තුනට අවවාද කිරීමද, කලු ලකුණක්ද එවැනි කලු ලකුණූ තුනක් ලැබුණූ විට විදුහලින් අස් කිරීමද පන්ති තහනම් කිරීම වැනිදේකට යටත් විය යුතුය.
  • පාසලට පැමිණීම අනිවාර්‍යයෙන්ම 80% වියයුතුය. නොපැමිනි දිනක් සම්බන්දයෙන් දෙමාපියන් විසින් ලිපියකින් දැන්විය යුතුය.
  • තම තමන්ගේ දෛනික කටයුතු සම්බන්දයෙන් දෙමාපියන් සමඟ සම්බන්දකම් පැවැත්වීමට ගුරුදෙගුරු පොතක් පවත්වාගෙන යායුතුය.
  • පැවරෙන අභ්‍යාස හා නිබන්දන වැනි දෑ නියමිත වේලාවට සම්පූර්ණයෙන්ම අදාල ගුරුවරයාට භාර දියයුතුය.
  • පසලේ භෞතික සම්පත්,පොදු දේපල පොත් පත් වැනිදේට හානි කිරීමක් හෝ පාසලෙන් පිටතට ගෙනයාම හෝ අයථා පරිදි පරිහරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
  • පන්තියෙන් කාර්‍යාලයට පැමිණිය යුත්තේ පන්ති නායකයා හෝ පන්ති නායිකාව පමණක් විය යුතුය. අවසර පතද රැගෙන පැමිණිය යුතුය.
  • ශිෂ්‍ය නායක/නායිකාවන්ද අත්‍යවශ්‍ය අවස්තාවන් වලදී විදුහල්පතිතුමාගේ අවසරය රැගෙන කාර්‍යාලයට යා යුතුය.
  • ළමයෙකුගේ යම් කතා බහක් හෝ ක්‍රියාකාරකමක් තුලින් කිසියම් ගුරුවරයෙකුගේ සිත් බිඳීමක් සිදුවේ නම් එය බරපතල දඬුවමක් ලැබිය යුතු  වරදක් ලෙස සළකන අතර එවැනි ගුරු සිත් බිඳීමෙන් වැළකී සිටිය යුතුය.
  • විද්‍යාල භූමිය,ගොඩනැගිලි,පන්ති කාමර පවිත්‍ර කිරීම සම්බන්දයෙන් තමාට පැවරෙන කාර්‍යන් මනාව ඉටුකල යුතු අතර තමා වසන පරිසරයේ පවිත්‍රතාවය පිලිබඳ වගකීමක් දැරිය යුතුය. පවිත්‍ර කිරීම පාසල ආරම්භ කිරීමට මිනිත්තු 5 කට වත් කලින් අවසන් කල යුතුය.
  • විෂය භාර ගුරුවරුන්, පන්ති භාර ගුරුවරුන්, ඒ විෂයට අදාලපැවරුමේ ශ්‍රව්‍ය, දෘශ්‍ය උපකරණ සෑදීම සඳහා කරන නියෝග නොපිරිහෙලා ඉටු කල යුතුය.
  • විද්‍යාලීය කාලය තුල දී මෙන්ම ඉන් භාහිර අවස්ථාවලදී සංවරශීලීව සිටිය යුතුය.
  • ගුරුවරුන් සමඟ අනව්ශ්‍ය විහිලු තහලු නොකල යුතුය.
  • පාසල් වේලාවෙන් තුළ අනවශ්‍ය පරිදි විදුහල්පතිතුමාගේ ගුරු නිවස, වෙනත් ගොඩනැගිලිවලට නොයා යුතුය.
  • අනවසරයෙන් වෙනත් පන්ති කාමර වලට නොයා යුතුය.
  • කාලය වෙන් කිරීමේ සීනු නාද කිරීමේදී නියමිත පන්ති කාමර වලට පිටත්විය යුතුය.
  • කාලච්ඡේයන් අවසන් වන තෙක් පන්තියේ රැඳී සිටිය යුතුය.
  • පාසල ආරම්භ කිරීමට හා විවේක කාලය සඳහා සහ පාසල අවසන් කිරීම සඳහා නාද කරන සීනුවට අවනත විය යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පාදවල ආභාදයක් නොමැතිව සෙරෙප්පු පාවිචි කිරීම සම්පූර්නයෙන්ම තහනම්.
  • අස්වීම් සහතිකය හා චරිත සහතිකයේ නිකුත් කරනුයේ පුස්තකාල පොත් ක්‍රීඩා උපකරණ විද්‍යාලය සතු වෙනත් භාණ්ඩ විද්‍යාලයට භාර දුන් බවට ඒ ඒ අදාල අංශ් මඟින් නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කල පසුවය.
  • චරිත සහතික හෝ අස්වීම් සහතික ලබා ගැනීමට පැමිණීමේදී අයදුම්කරු විසින් විනය මණ්ඩලයේ නිර්දේශය ලබා ගත යුතුය.සෑම ළමයෙකුගේම කරනු ලබන වැරදි මෙන්ම දක්වනු ලබන කුසලතා හැකියා පිලිබඳව අදාල ලිපිගොනුවේ සටහන් කරනු ලැබේ. ඒ සඳහා විශේෂ සහතික පිරිනමයි.
  • පාසල තුල ඔරලෝසු හා හිස් වැසුම් පැළඳීම සපුරා තහනම් වේ.හෝ පාසලෙන් පිටතට ගෙනයාම හෝ අයථා පරිදි පරිහරණය කිරීම සම්පූර්ණයෙන්ම ටකම් පැවැත්වීමට ගුරුදෙගුරු පොතක් පවත්වාගෙන යායුතුය.
  • ය්පන්ති තහනම් කිරී
  •  
Dehigolla M.V.

දෙහිගොල්ල මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Padiyatalawa Road, Mahiyangana

: (+94)552258495

: [email protected]

Supported By

© 2026 Dehigolla M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk