ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බ/දෙහිගොල්ල මහා විද්‍යාලයේ ඉතිහාසය වසර 50කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියයි.මහියංගන ප්‍රදේශයේ දිදුලන අභිමානවත් විදුහලක් ලෙස 2023 වසරේ 56 වැනි වියට පා තබන බ/දෙහිගොල්ල මහා විද්‍යාලය මෙතෙක් ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට එය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව නිහතමානීව ආඩම්බර විය හැක.
දෙහිගොල්ල මහා විද්‍යාලය නමින් 1967 වර්ෂයේ ජනවාරි 4 වන දින මහියංගන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. පී .ජේ සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අප විද්‍යාලයේ ආරම්භක ලියාපදිංචි වූ සිසුන් ගණන 46 කි. එම සංඛ්‍යාව අද වන විට සිසුන් 1300ක් පමණ ඉහළ අගයකට පත් ව ඇත.
ආරම්භයේ 1- 11 දක්වා ශ්‍රේණි පැවති අතර වර්තමානයේදී උසස්පෙළ කලා අංශය මෙන්ම 2022 වර්ෂයේදී වාණිජ විෂය ද පාසලට එකතු වී ඇතපාසලේ මුල් ගුරුතුමා එනම් ආරම්භක විදුහල්පති වන්නේ එච්.එම්.සෝමවන්ත මහතා ය. අතීතයේ සිට අද දක්වා විද්‍යාලයේ ප්‍රගතියට උරදුන් විදුහල්පතිතුමන්ලා ඇතුළු සියලු දෙනා අප මෙහිදී ගෞරව භක්තියෙන් යුතුව සිහිපත් කරන්නෙමු

|
ආරම්භ කළ වර්ෂය |
1967-01-04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
130 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.ජේ.පෙරේරා මිය |
|
පාසලේ නිර්මාතෘ |
සී.පි.ජේ. සෙනෙවිරත්න මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
දෙහිගොල්ල මධ්‍ය මහා විද්‍යාලය |
|
මුල්ම විදුහප්පති |
එච්.එම්.සෝමවන්ත මයා |
| ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩබ්.එම් .වීරරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ජේ. විනිතා පත්මිණී මිය |